Nisades


ප්‍රථම ප්‍රේමය 

නෙත් කදුළැලි සිරවුණා
වැහි වළාවන් යා උණා
විදුලි කොටමින් ගිගුම් හඩ දී
දුකක මහ වැසි යා වුනා

පෙරුම් පුරමින් 
බොහෝ කල් සිය
පැතූ පැතුමන් බොදවුණා
ඔබට බැදි පෙම කැඩපතක් වී 
ඇද වැටී බිම විසිරුනා 
කුරුලු ගීතය ගොලු වුණා
පිපුනු මල් පෙති ගිලිහුණා
අමාවක සද හිනැහුණා
ප්‍රථම ප්‍රේමය සියපත් වී 
පිපෙන්නට පෙර පරවුණා


නමාමි

රුදුරු වෙඩිහඩ
නොමැති කඩ ඉම
තවම වැළපෙන
අපේ මුඩුබිම
සැමගෙ සිත් වල
සු‍රැකි පුදබිම
නාගදීපය
වදිමි මම අද